රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් රාජ්‍ය ආයතන ඇගයීමේ වැඩසටහන අද

Share

රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් රාජ්‍ය ආයතන ඇගයීමේ වැඩසටහන අද (5) පෙ.ව.10.00ට පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පැවැත්වෙයි.

ඒ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙනි.

රාජ්‍ය ආයතන 837ක් පිළිබඳව විමර්ශන කටයුතු සිදු කර තිබේ. 2016 වර්ෂයේ ගිණුම් කටයුතු සම්බන්ධයෙන් වියදම් කිරීමේ ක්‍රියාවලිය තුළ මෙම ඇගයීම් සිදු කර ඇති බව ඊයේ (4) පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැති මාධ්‍ය
හමුවේ දී නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසීය.

මෙහිදී රාජ්‍ය ආයතන 40ක් සඳහා රන් කුසළාන ද ආයතන 21ක් සඳහා රිදී කුසළාන ද ආයතන 40 ක් සඳහා කුසළතා සහතික ද වශයෙන් රාජ්‍ය ආයතන 101ක් ඇගයීමට ලක් කෙරේ.

පාර්ලිමේන්තුව විසින් වෙන් කරන මුදල් නිසි පරිදි භාවිතා කළේ ද යන්න සොයා බැලීම මෙමඟින් සිදු කෙරෙන අතර ආයතනවල සිදුවන අඩුපාඩු අවම කිරීම මෙහි අරමුණ බවද ජනතාව උනන්දුකරවීම සඳහා දඩුවම්කිරීම පමණක් නොව වැඩ කරන පුද්ගලයින් හා ආයතන ඇගයීමද සිදු කළ යුතු බව ද සඳහන් කළ නියෝජ්‍ය අමාත්‍යවරයා අද (5) පැවැත්වෙන මෙම සම්මාන උළෙල මූල්‍ය වගකීම් පිළිබඳව තැබූ ඉදිරි පියවරක් ලෙසද සඳහන් කළේය.

Read more

Local News