“අරලියගහ මන්දිරය හා ජනපති මන්දිරය වටලා නැවත බලය ලබාගෙන ඩොලර් කොමිස් කාක්කන් බවට පත්වීමේ දොළදුකක් විරුද්ධවාදීන්ට අද හටගෙන”

Share

ජනාධිපති මන්දිරයට හා අරලියගහ මන්දිරයට ගොස් යහපාලන රජයේ ජනාධිපතිතුමන්ගේ හා අගමැතිතුමන්ගේ බෙල්ලෙන් අල්ලා එළියට ඇද දමන බවට විරුද්ධවාදීන් ප්‍රකාශ කර ඇති බවත්, ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් පවතින අප රටේ පාලකයින් බෙල්ලෙන් අල්ලා එළියට ඇද දැමීමට හැකියාව ඇත්තේ පොදු ජනතාවට පමණක් බවත්, අරලියගහ මන්දිරය හා ජනපති මන්දිරය වටලා නැවත බලය ලබාගෙන ඩොලර් කොමිස් කාක්කන් බවට පත්වීමේ දොළදුකක් විරුද්ධවාදීන්ට අද හටගෙන ඇති බවත් නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ගමින් – ගමට,දොරින් – දොරට නිවාස ජංගම සේවා පවත්වා ජනතාවගේ දෙපතුළ ළගට ගොස් ඔවුන්ගේ ගැටළුවලට ක්ෂණික විසඳුම් ලබා දීමට කටයුතු කරන විට, විරුද්ධවාදීන් ජනතාව කොළඹට ගෙන්වා මත්පැන් හා බුරියානි ජංගම සේවා පවත්වමින් ඔවුන්ගේ සාක්කු පුරවා අනතුරුව සිය පවුලට රටේ සින්නක්කර අයිතිය ලබා ගැනීමට කටයුතු කරමින් සිටින බව “සැමට සහන”වැඩසටහන යටතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ, තිස්සමහරාමය, රබර්වත්ත හා උඩුවිල ප්‍රදේශ යාකර කිරිදි ඔය හරහා ඉදිවන නව ග්‍රාමීය පාලමට මුල්ගල තැබීමේ අවස්ථාවට ඊයේ(04) සහභාගී වෙමින් අමාත්‍යවරයා පැවසිය.

එසේම තිස්සමහරාම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ රබර්වත්ත, උඩුවිල, ඉක්කපල්ලම, ගෝනගමුව, කෝන්වැලෑන, සාලියපුර හා නැදිගම්විල යන ප්‍රදේශවල ජීවත් වන ජනතාවට මෙම පාලම ඉදිවීම මඟින් ප්‍රතිලාභ රැසක් හිමිව ඈති අතර ඒ සදහා නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශයේ ප්‍රතිපාදන මගින් වැයකිරීමට නියමිත මුදල රුපියල් ලක්ෂ 1,880ක් බවද අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසිය.

Read more

Local News