ඉහළ කාර්යසාධනයක් පෙන්වූ රාජ්‍ය ආයතන 101ක් සම්මානයෙන් පිදුම් ලබයි

Share

රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් රාජ්‍ය ආයතන ඇගයීමේ වැඩසටහන අද (5) පෙ.ව.10.00ට පාර්ලිමේන්තු සංකීර්ණයේ දී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මෙහිදී රාජ්‍ය ආයතන 40ක් සඳහා රන් කුසළාන ද ආයතන 21ක් සඳහා රිදී කුසළාන ද ආයතන 40 ක් සඳහා කුසළතා සහතික ද වශයෙන් රාජ්‍ය ආයතන 101ක් ඇගයීමට ලක් කෙරිණි. 2016 මුදල් වර්ෂයට අදාළව පාර්ලිමේන්තුවේ පරිගණක ජාලගත පද්ධති මඟින් දිවයිනපුරා විසිරී තිබෙන සියලු රජ්‍ය ආයතන 837කින් ලබාගත් තොරතුරු ඇසුරින් මෙම ඇගයීම සිදු කරන ලදී.

අතිගරු ජනාධිපතිතුමාගේ සහ අග්‍රාමාත්‍යතුමාගේ සුරතින් සම්මාන ප්‍රදානය කිරීම සිදු විය.

Read more

Local News