ඉංග්‍රීසි භාෂාව ප්‍රචලිත කිරීම සඳහා අමෙරිකානු පිරිසක් යළිත් මෙරටට

Share

ශ්‍රී ලංකාව තුළ ඉංග්‍රීසි භාෂාව ප්‍රචලිත කිරීම සඳහා අමෙරිකානු සාම බලකායේ ස්වේච්ඡා සම්පත්දායකයින් පිරිසක් යළිත් මෙරටට පැමිණීමට නියමිතය.

ගුරුවරුන්ගේ සහ සිසුන්ගේ ඉංග්‍රීසි දැනුම වර්ධනය කිරීම සඳහා මෙහිදී මූලික අවධානය යොමු වනු ඇත.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරාධනයෙන් ඇමෙරිකානු සාම බලකායේ ස්වේච්ඡා වැඩසටහන් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීමට එකඟතාව පළ කර ඇත.

අධ්‍යාපන අමාත්‍යාංශය හා එක්ව ක්‍රියාත්මක වන මෙම වැඩසටහන සඳහා 100 දෙනෙකුගෙන් සමන්විත ස්වේච්ඡා සම්පත්දායකයින් පිරිසක් එක්වීමට නියමිතය.

2020 වසරේ අධ්‍යයන වර්ෂය ආරම්භ කරනු ඇත.

Read more

Local News