ඡන්ද හිමි නාමලේඛනයට සංශෝධන ඉදිරිපත් කිරීම සඳහා දී තිබූ කාලය අදින් අවසන් ව‌ෙයි

Share

ඡන්ද හිමි නාමලේඛනයට සංශෝධන ඉදිරිපත් කිරීම සඳහා දී තිබූ කාලය අදින් (06) අවසන් වන බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
අද දිනය තුළ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලය වෙත ගොස් ඡන්ද හිමි නාමලේඛනය සඳහා අභියාචනා හා විරෝධතා ඉදිරිපත් කිරීමට හැක.
ඒ අනුව හෙට (07) දිනයේ සිට ඉදිරිපත් වී ඇති අභියාචනා සහ විරෝධතා සම්බන්ධයෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමෙන් පරීක්ෂණ කටයුතු ආරම්භ කිරීමට නියමිතය.
අභියාචනා සහ විරෝධතා සලකා බැලීමෙන් අනතුරුව ඔක්තෝබර් මස පළමු සති 02 ඇතුළත 2018 වර්ෂය සඳහා වූ ඡන්ද හිමි නාමලේඛනය සහතික කිරීමට පියවර ගනු ඇත.

Read more

Local News