සීගිරිය අභය භූමියේ ගොවිපොළ පාර

Share

සීගිරිය උඩවලයාගම ප්‍රදේශයේ වනජීවි දෙපාර්තමේන්තුවට අයත් අභය භූමියේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු විසින් ගොවිපොළ පාර නමින් නම්කොට ප්‍රාදේශීය සභාවෙන් රුපියල් ලක්ෂ 6ක මුදලක් අනුමත කොට මාර්ගයක් ඉදි කර තිබේ. මේ සම්බන්ධයෙන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂණයක් ආරම්භ කොට තිබේ.

එම මාර්ගය කපා ඇති ප්‍රදේශයට සීගිරිය ගල සහ පිදුරංගල අලංකාරව දර්ශනය වන බවත්, එම රක්ෂිතය ආසන්නයේ පෞද්ගලික සංචාරක හෝටල් කීපයක් ඉදි වෙමින් පවතින බවද ප්‍රදේශවාසීහු පවසයි.මාර්ගය නීරීක්ෂණය කිරිම සදහා සීගිරිය වනජීවී කාර්යාලයේ අඩවි ආරක්ෂක එස්.එන්. බණ්ඩාරනායක මහතා ඇතුළු කණ්ඩායමක් ගිය බවට වාර්තා විය.

Read more

Local News