පොළොන්නරුව ගිනිපෙට්ටි පාලමේ ඉදිකිරීම් ජනපති ප‍්‍රධානත්වයෙන් ඇරඹෙයි

Share

පොළොන්නරුව ඉපැරණි ගිනිපෙට්ටි පාලම නැවත ඉදිකිරීමේ කටයුතු ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අද (07) පෙරවරුවේ ආරම්භ කෙරිණි.

පොළොන්නරුව පරාක‍්‍රම සමුද්‍රයේ සිට කෙත් බිම් අක්කර දහස් ගණනකට දියවර රැගෙන යන ප‍්‍රධාන ඇළ මාර්ගය වන උතුරු ඇළේ ප‍්‍රධාන ජල පැන්නුම වන ගිනිපෙට්ටි පාලම ගොවි ජනපද ආරම්භයේදීම ඉදිකරන ලද්දකි.

මෙම පාලම පසුගියදා කැඞීයෑම හේතුවෙන් ප‍්‍රදේශයේ ගොවි ජනතාවට දුෂ්කරතා රැසකට මුහුණ දීමට සිදු වූ අතර මෙවර කන්නයේ වගා කරන ලද කුඹුරු අක්කර 15,000 කට පමණ ජලය සැපයීම ද ඇණ හිටිනි.

රුපියල් මිලියන 250 ක වියදමින් මෙම නව පාලම ඉදිකිරීමට පියවර ගෙන තිබේ.

මේ වන විට ජල සැපයුම යථා තත්ත්වයට පත් කර ඇති අතර පාලම ඉදිකිරිම අද ආරම්භ කෙරුණි.

Read more

Local News