කැපු උණ ගස්වල වැසි ජලය එක්රැස් වීම හ‌ේතුව‌ෙන් ගමක් ඩ‌ෙංගු මදුරු උවදුරකට

Share

ලක්ෂපානේ සිට ගම්පොල දක්වා ලංවිම විසින් ඇද ඇති අධි බලැති විදුලි රැහන් පද්ධතියට අවහිර වි තිබු උණ බට
අනුමැතියේ සඳහන් කොන්දේසිවලට පටහැනිව කපා දැමිම හේතුවෙන් නාවලපිටිය මහකුඹුර ගම්මානය ඩෙංගු මදුරු අවධානමකට ලක් වි ඇති බව ගම්වාසින් චෝදනා කරයි.

නාවලපිටිය පොලිස් වසමට අයත් මහකුඹුර ගම්මානය මහවැලි ගඟට ආසන්නයේ පිහිටා ඇති අතර, එම ගම්මානයේ පවුල් 298 ක් වාසය කරනු ලබයි.

අධි බලති විදුලි රැහන් පද්ධතියට අවහිර වි තිබු උණ බට 2000ක් කපා දැමිමට ලංකා විදුලි බල මණ්ඩලයට නාවලපිටිය ප්‍රාදේශිය සභාව විසින් අනුමැතිය ලබා දි ඇති අතර එම අනුමැතියෙන් එම උණ බට කැපිමේදි පුරුකෙන්ම කපා දමන ලෙස ප්‍රාදේශිය ලේකම් කාර්යයාලය කොන්දේසියක් ද පනවා ඇත.

එම උණ බට කපා දැමිමේ කොන්ත්‍රාත්තුවක ලංවිමෙන් ලබා ගත් ප්‍රදේශයේ පෞද්ගලික කොන්ත්‍රාත්කරුවෙකු කොන්දේසිවලට පටහැනිව එම උණ බට කපා දැමිම හේතුවෙන් තම ගම්මානය ඩෙංගු මදුරු අවධානමට ලක් වි ඇති බව මහකුඹුර ගම්වාසින් කියා සිටින්නේ.

ප්‍රාදේශිය සභාව මගින් එම උණ බට කපා දැමිමේදි පුරුකෙන්ම කපා දමන ලෙස කොන්දේසි පනවා ඇතත් කොන්ත්‍රාත්කරු විසින් උණ බටය අඩියක් පමණ උසකින් කපා දැමිම නිසා උණ බටයේ ඉතිරිව
ඇති කොටසේ කුහරය තුලය වැසි ජලය එක් රැස් වි ඒ තුල මදුරු කිටයන් බෝ වි ඇති බවයි ගම්වාසින් කියා සිටින්නේ.

කපා ඉතිරි කල උණ බට කුහර තුල එක් රැස් වි තිබු වැසි ජලය අවස්ථා කිහිපයකදි ගම්වාසින් විසින් ඉවත් කර ඇති අතර, පවතින වර්ෂාවත් සමග එය දිගින් දිගටම සිදු කල නොහැකි බවයි මහකුඹුර ප්‍රදේශවාසින් පවසන්නේ.

Read more

Local News