මෙක්සිකෝවේන් මිනිස් හිස්කබල් 166ක්

Share

නැගෙනහිර වැරකෲස් ප්‍රාන්තයේ සමූහ මිනී වළකින් මිනිස් හිස්කබල් 166ක් සොයාගෙන ඇත. හැඳුනුම්පත් 144ක් පමණ ද මෙම ස්ථානයේ තිබී සොයාගෙන ඇත.බලධාරීන් පවසන්නේ මේවා වසර දෙකක් පැරණි බවයි.

2006 වර්ෂයේ සිට මෙක්සිකෝවේ මත්ද්‍රව්‍ය ප්‍රචණ්ඩ ක්‍රියා ඉහළ යාම නිසා මේ වන විට 200,000ක පමණ පිරිසක් මියගොස් ඇතැයි වාර්තා වී තිබේ. ඉන් 37000ක පමණ පිරිසක් අතුරුදන්ව ඇති අතර ගිය වසරේ පමණක් වාර්තාගත ලෙස 28,702ක් මියගොස් ඇතැයි පැවසේ.

Read more

Local News