දිළිදුකම පිටුදැකීමට පවුල් ලක්ෂ එක හමාරකට අලූතින් සමෘද්ධිය

Share

දිළිදුකම පිටුදැකීම සදහා ක්‍රියාත්මක සමෘද්ධි සහනාධාර වැඩසටහන යටතේ තවත් පවුල් ලක්ෂ එක හමාරකට අලූතින් සමෘද්ධිය ලබාදීමේ සමාරම්භක අවස්ථාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (07) පස්වරුවේ පොළාන්නරුව රාජකීය විද්‍යාලයීය ශ්‍රවණාගාරයේ දි පැවැත්විණි.
මෙම වැඩසටහන යටතේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභී පවුල් 3800 කට අලූතින් සමෘද්ධි සහනාධාරය හිමිව‌ෙයි.
සියලූ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ආවරණය වන අන්දමින් 21 දෙනෙකු වෙත හිමිකම් පත් ප්‍රදානය කිරීම ජනාධිපතිතුමා අතින් සිදු විය.

Read more

Local News