කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වාර්ෂික කෘෂිකාර්මික සමුළුව ගන්නොරුවේ දී

Share

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වාර්ෂික කෘෂිකාර්මික සමුළුව ගන්නොරුවේ පිහිටි පැළෑටි හා ජාන සම්පත් මධ්‍යස්ථානයේ දී  පැවැත්විණි.

කීර්තිමත් කෘෂි විද්‍යාඥයෙකු වූ එම්.පී. ධනපාල මහතාට විශේෂ ගෞරව සම්මානයක් පිරනැමීම මෙහිදී සිදු විය. වැඩිම අස්වැන්නක් ලබා දෙන වී ප්‍ර භේදයක් වන BG 300 වී වර්ගය ලෝකයට හඳුන්වා දෙමින් එතුමා කළ සේවය අගයමින් මෙම සම්මානය ලබා දෙන ලදී.

මෙම අවස්ථාවට එක් වූ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ක්ෂ්‍රේත්‍රයේ සංවර්ධනය සම්බන්ධයෙන් අනාගතයේ දී විශාල බලාපොරොත්තුවක් තැබිය හැකි පර්යේෂකයන් රැසක් කෘෂිකර්මාන්තය තුළ සිටින බවයි. ශ්‍රී ලංකාවේ සෑම බිම් අඟලක්ම වගාකර, කෘෂිකාර්මික රටක් වශයෙන් ඒ සඳහා ලබාදිය හැකි සහයෝගය ලබාදීමට පියවර ගන්නා බවද ඒ මහතා ප්‍රකාශ කළේ ය.

Read more

Local News