උතුරු පළාත් ආණ්ඩුකාරවරයා සහ ඔස්ට්‍රේලියානු මහකොමසාරිස් අතර හමුවක්

Share

ශ්‍රී ලංකා ඔස්ට්‍රේලියානු මහකොමසාරිස් බ්‍රේස් හච්චින්සන් මහතා උතුරු පළාතේ සංචාරයක නිරත වෙමින් යාපනය ආණ්ඩුකාර කාර්යාලයේදී උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා හමුවිය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔස්ට්‍රේලියානු මහකොමසාරිස්වරයා, ශ්‍රී ලංකා රජයට නිරන්තරයෙන් ඔස්ට්‍රේලියානු රජය ආධාර උපකාර කරන බවත්, උතුරේ සංවර්ධනයට ප්‍රමුඛ දායකත්වයක් ලබා දීමට කැමති බවත් පැවසීය.

උතුරු පළාත් සභාවට ලබා දෙන ආධාර නියමානුකූලව ජනතා සුබසාධනය සඳහා යොමු කිරීමට තමන් විසින් වැඩපිළිවෙළක් යොදන බවත්, උතුරේ සංවර්ධනයට මෙන්ම ගොවීන්ගේ හා සමුපකාර සංවිධානවල දියුණුවට උපකාර කිරීමට ඔස්ට්‍රේලියානු රජය දායක වීම පිළිබඳ ඔස්ට්‍රේලියානු මහකොමසාරිස්වරයාට ශ්‍රී ලංකා රජයේ ස්තූතිය පිරිනමන බවත්ය උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා පැවසිය.

Read more

Local News