කේරළ ගංජා සමඟ සැකකරුවන් තිදෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

Share

උතුරු මුහුදේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 118 ක් සමඟ සැකකරුවන් තිදෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ති‌බේ.

එම කේරළ ගංජා තොගය ඇසුරුම් 48 ක බහා තිබූ බවයි සඳහන් වන්න‌ේ.

පොලිසිය පැවසූවේ ඉන්දියාවේ ජාවාරම්කරුවන්ගෙන් අදාල කේරළ ගංජා තොගය ලබාගෙන බෝට්ටු මඟින් මෙරටට ගෙන එමින් සිටියදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

මෙම පුද්ගලයින් යාපනය සහ මන්නාරම ප්‍රදේශයන්හි පදිංචි පුද්ගලයින් ව‌ෙයි.

අත්අඩංගුවට ගන්නා ලද කේරළ ගංජා තොගය, පුද්ගලයන් සහ කුඩා යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා කන්කසන්තුරේයි පොලීසිය වෙත භාර දීමට කටයුතු කරන ලදී.

Read more

Local News