වැල්ලවාය තණමල්විල ප්‍රධාන මාර්ගයේ යාලබෝව ප්‍රදේශයේ දී ඊයේ (11) පස්වරුවේ සිදු වූ අනතුරකින් පුද්ගලයකු ජීවිතක්ෂයට පත් වී තවත් කාන්තාවක් බරපතළ තුවාල ලබා තිබේ.
නවතා තිබූ ලොරි රථයක පිටුපස තණමල්විල දෙස සිට වැල්ලවාය දෙසට ධාවනය වූ තිරෝද රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදු වී ඇත.
අනතුරින් තිරෝද රථ රියදුරු මියගොස් ඔහුගේ බිරිඳ මෙලෙස බරපතළ තුවාල ලබා ඇති බව වැල්ලවාය පොලිසිය පවසයි.
අනතුර සම්බන්ධයෙන් විමර්ශන වැල්ලවාය පොලිසිය සිදු කරයි.