විදේශ සංචාරකයන් මිලදී ගනු ලබන භාණ්ඩවල වැට් බදු ආපසු ගෙවීමට විශේෂ කවුන්ටරය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් විවෘත කරයි

Share

විදේශ සංචාරකයන් ශ්‍රී ලංකාවේ සංචාරය කරන අවස්ථාවේදී වැට් බදු අයකරනු ලබන භාණ්ඩ මිලදී ගත් විට එම භාණ්ඩ සඳහා අයකරනු ලබන 15% ක වැට් බද්ද රටින් බැහැර යන විට ඔවුන් හට ආපසු ගෙවීම සැප්තැම්බර් 11 දින සිට ක්‍රියාත්මක කෙරේ.

මේ සඳහා වන විශේෂ කවුළුවක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ පිටවීමේ පර්යන්තයේදී මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ඊයේ (11) විවෘත කරනු ලැබීය.

2018 අයවැය මඟින් යෝජිත මෙම ක්‍රමය දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කරනු ලබන අතර, මෙම වැට් ආපසු ගෙවීමේ ක්‍රමයට ඇතුළත්වීම සඳහා වෙළෙඳ ආයතන හිමිකරුවන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ සංචාරක වැට් බදු ආපසු ගෙවීමේ ව්‍යාපෘතිය යටතේ තම වෙළෙඳ ආයතනය ලියාපදිංචි කළ යුතුවේ.

Read more

Local News