කැටලෝනියාවේ ජාතික නිදහස් දිනය උත්කර්ෂවත් අන්දමින් සමරයි

Share

කැටලෝනියාවේ ජාතික සැමරුමි දිනය ඒරට වැසියන් අති උත්කර්ෂවත් අන්දමින් සමරනු ලැබු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

කැටලෝනියාවේ ජාතික දිනය සමරමින් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් බාසිලෝනා නගරයේ විථි වලට අවතීර්ණ වි ඒය සමරනු ලැබුවා.

ඒමෙන්ම කැටලෝනියාවේ නිදහස වෙනුවෙන් සහය පල කරන දැවැන්ත රැළියක් ඊයේ බාසිලෝනා නගරයේදි පැවැත්වු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඊයේ (11) දිනට යෙදි තිබු ජාතික දිනය වෙනුවෙන් ඒය සැමරිම සදහා ලක්ෂ ගණනක පිරිසක් සහභාගි වි සිටි බව සඳහන්.

සැප්තැම්බර් 11 වන දිනට කැටලෝනියානු ජාතික දිනයට සමගාමිව මෙම රැළිය සංවිධානය කර තිබුණේය.

ස්පාඤ්ඤයෙන් නිදහස් විම සදහා දරණ ලද උත්සහය අසාර්ථක විමෙන් අනතුරුව කැටලෝනියානු ජාතික දිනය සමරන පළමු අවස්ථාවද මෙයයි.

ඒහිදි සිරගත කර සිටින කැටලෝනියානු නායකයින් නිදහස් කරන ලෙසත් විරෝධතාකරුවන් ඉල්ලා සිටියේය.

ඒමෙන්ම පිටුවහල් කර සිටින තම නායකයින්ට යළි කැටලෝනියාවට පැමිණිම සදහා අවසර ලබා දෙන ලෙසද ඔවුන් ඉල්ලා සිට අැති බවත් සඳහන්

Read more

Local News