දේශීය ලොකු ලූනු කිලෝවක් රු.80කට මිලදී ගැනීමට සතොසට උපදෙස් – කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර

Share

දේශීය ලොකු ලූනු කිලෝවක් රු.80කට මිලදී ගැනීමට පියවර ගන්නා ලෙස ජිවන වියදම් කමිටුව සතොස ආයතනයට උපදෙස් දුන්නා යැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

ඒසේම ජිවන වියදම් කමිටුව සතොස ආයතනය සමඟ සාකච්ඡා කර ඇති පරිදි දේශීය ලොකු ලූනු කිලෝවක් රු.80ක් බැගින් මිලදී ගැනීමට සතොස ආයතනයට ජීවන වියදම් කමිටුව උපදෙස් ලබාදී ඇති බවත්, ඒ අනුව සතොස මඟින් හොඳින් වියැලූ ලොකු ලූනු කිලෝවක් රු. 80 බැගින් මිලදී ගැනීමට සූදානම් බව කෘෂිකර්ම අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Read more

Local News