STEM අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීමට විශේෂ කමිටුවක්

Share

ශීඝ්‍රයෙන් වෙනස්වන තාක්ෂණික ලෝකය සහ රැකියා අවස්ථා ජයගත හැකි සිසු පරපුරක් නිර්මාණය කිරීම වෙනුවෙන් ලොව පුරා මේවන විට STEM අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීම පිළිබඳ කතිකාවක් නිර්මාණය වී තිබේ.

ඒ අනුව මෙරට අධ්‍යාපන පද්ධතිය තුළ ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවිය හැකි ආකාර පිළිබඳව සොයාබැලීම සඳහා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් මත විශේෂ කමිටුවක් පත් කිරීමට පියවර ගැනුනි.

ඒ අනුව ප්‍රාථමික, ද්විතීක හා ජ්‍යේෂ්ඨ යන අංශවලට අදාළව යෝජනා මාලාවක් සකස්කර තිබේ.

සොබාදහම, පරිසරය හා ප්‍රායෝගිකත්වයට මූලිකත්වය ලබා දෙන දරුවකු ප්‍රාථමික අධ්‍යාපනය හරහා නිර්මාණය කිරීම සහ තරඟකාරී විභාග මානසිකත්වයෙන් ඔවුන් මුදාගනිමින් කණ්ඩායම් හැඟීමෙන් යුත් පිරිපුන් ශිෂ්‍යයකු ප්‍රාථමික අධ්‍යාපනය හරහා නිර්මාණය කිරීම වෙනුවෙන් යෝජනා ඉදිරිපත්ව ඇති අතර STEM අධ්‍යාපන අවස්ථා පුළුල් ලෙස යොදාගැනීම අපේක්ෂාවයි.

ද්විතියික අංශය යටතේ 6 – 10 ශ්‍රේණි වල දරුවන්ගේ අධ්‍යාපනය තුළ ඇති STEM අධ්‍යාපන අවස්ථා තවදුරටත් පුළුල් කරමින් විෂයමාලාව තුළ විද්‍යා, තාක්ෂණ, ඉංජිනේරු සහ ගණිතය යන විෂයන් ඉගැන්වීම් ප්‍රමාණය ප්‍රායෝගිකත්වයට මුල්තැන දී ඉහළ නැංවීමටත් යෝජනා වී තිබේ.

මීට අමතරව උසස් පෙළ සිසුන් සඳහා ද STEM අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීමට යෝජනා වී ඇති අතර විද්‍යා විෂයන් හදාරන සිසුන්ට කලාත්මක රස වින්දනය පිළිබඳ අවබෝධයක් ලබා දීම මෙන්ම කලා විෂයන් හදාරන සිසු දරුවන්ට ප්‍රායෝගික විද්‍යා අවබෝධය ලබාදීමට ද යෝජනා වී තිබේ.

Read more

Local News