නිධන් සොයා කැණීම් කරමින් සිටි පුද්ගලයන් සිවුදෙන‌ෙකු අත්අඩංගුවට

Share

මොණරාගල දිසා පුරාවස්තු ආරක්ෂක ඒකකයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් අනුව සිදු කල වැටලීමකදී තණමල්විල මහවැව සිමාපව්ව ආරණ්‍ය සේනාසනය ආසන්න කැලෑ බද ප්‍රදේශයේ නිදන් සොයා කැණීම් කරමින් සිටි පුද්ගලයන් සිවුදෙන‌ෙකු අත්අඩංගුවට ගෙන ති‌බේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් තණමල්විල, සූරියආර, ඇල්ල සහ ඌව කරදගොල්ල යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි සදහන් වන්න‌ේ.

ඊට අමතරව සැකකරුවන් සන්තකයේ තිබී නිදන් හැරීම සදහා යොදාගත් උපකරණ රැසක්ද නිලධාරීන් භාරයට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Read more

Local News