හිටපු ජනපති හා ඉන්දීය අගමැති අතර හමුව

Share

ඉන්දියාවේ තෙදින නිල සංචාරයක නිරත හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ ඉන්දීය අග්‍රාමාත්‍ය නාරේන්ද්‍ර මෝදි මහතා හමුවිය.

ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවති හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ දේශනයට රටවල් රැසක රාජ්‍ය තාන්ත්‍රිකයන්ගේ විශේෂ අවධානය යොමු වි තිබේ.

ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායක ලොග් සභාවේ මන්ත්‍රි සුබ්‍රමනියමි සාමි මහතාගේ අාරාධනයකට අනුව හිටපු ජනාධිපතිවරයා ඉන්දියාවේ කෙරෙන සංචාරය අතරතුරදි මෙම දේශනය පැවැත්විණි.

නවදිල්ලියේ පැවති මෙම උත්සවය සඳහා රටවල් රැසක රාජ්‍ය තාන්ත්‍රිකයන් සහභාගිවි සිටියහ.

දශකයක කාලය තුල සිය රට තුල තමන් ගෙනගිය සංවර්ධන ක්‍රියාදාමය හා ත්‍රස්තවාදය නිමා කිරිමට ගත් ගමන් මග මහින්ද රාජපක්ෂ මහතා මෙහිදි පහදා දුන්නේය.

ඒහිදි ඉන්දියාවෙන් ලද සහය අගය කල හිටපු ජනාධිපතිවරයා දෙරට අතර මිතුදම ඉදිරියටත් රැගෙන යන බව පැවසීය.

Read more

Local News