කොළඹ ජාතික රෝහලේ හෘද රෝග අංශයේ දී නව සැත්කමක් සාර්ථකව

Share

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට සැත්කමක් නොමැතිව හෘදයේ සංස්ථානික මහා ධමනියට රුධිරය ගමන් කරන කපාටය අවහිර වූ රෝගීන් තිදෙනෙකුට පාදයේ කපාටයක් බද්ධ කිරිම කොළඹ ජාතික රෝහලේ හෘද රෝග ඒකකයේ දී සාර්ථකව සිදු කර ඇත.

කොළඹ ජාතික රෝහලේ හෘද රෝග විශේෂඥ වෛද්‍ය සේපාලිකා මෙන්ඩිස් මහත්මිය ප්‍රමුඛ ශල්‍ය  විශේෂඥ වෛද්‍යවරුන්, නිර්වින්දන වෛද්‍යවරුන්, හෘද රෝග විශේෂඥ වෛද්‍යවරුන්, පුහුණුවන වෛද්‍යවරුන්, හෙද හෙදියන් සහ අනෙකුත් කාර්ය මණ්ඩලය මෙම සැත්කම සදහා දායක වී ඇත.

හෘද වස්තුවේ සංස්ථානික මහා ධමනිය විවෘත කර අවහිර වී ඇති කපාටය වෙනුවට පාදයේ කපාටයක් බද්ධ කර ඇති අතර, ලෝකයේ බොහෝ රටවල වසර ගණනාවක් පුරා මෙම සැත්කම සිදු කර ඇත.

Read more

Local News