විශිෂ්ඨ දක්ෂතා දැක්වු පාපැදි ධාවන ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයීමේ උත්සවයක් යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ 2, ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකා නිලධාරී පරිශ්‍රයේ දී පැවැත්විණී.
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පාපැදි කමිටුවේ සභාපති බ්‍රිගේඩියර් දුමින්ද සිරිනාග සහ කමිටු සාමාජිකයන් සංවිධානය කරන ලද මෙම ඇගයීමේ උත්සවය සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් පැමිණි යුද්ධ හමුදාපතිතුමන් විසින් විශිෂ්ඨ දක්ෂතා දැක්වු පාපැදි ක්‍රීඩක ක්‍රීඩිකාවන් 6 දෙනෙකු සඳහා රුපියල් මිලියන 3ක වටිනාකමින් යුතු නව පාපැදි බෙදා දෙන ලදී.