ශ්‍රි ලංකා සිංගප්පුරු වෙළඳ ගිවිසුම හ‌ේතුව‌ෙන් ශ්‍රි ලංකාවට බරපතල හානි – ජවිප‌ෙ සමාජිකයින් අත්පත්‍රිකා බ‌ෙදාද‌ෙයි

Share

ශ්‍රි ලංකා සිංගප්පුරුව අතර පසුගිය දා අත්සන් කෙරුණු වෙළද ගිවිසුම අනුව ශ්‍රි ලංකාවට බරපතල ආර්ථික හානි රැසක් සිදු වන බව පවසමින් ජනතා විමුක්ති පෙරමුණේ සමාජිකයන් විසින් අද (13) හැටන් නගරයේදි අත්පත්‍රිකා බෙදා දෙමින් ජනතාව දැනුවත් කිරිමේ වැඩසටහනක් දියත් කරනු ලැබුවා.

ජනතා විමුක්ති පෙරමුණේ නුවරඑලිය දිස්ත්‍රික් සංවිධායක සහ අඹගමුව ප්‍රාදේශිය සභා මන්ත්‍රි මංජුල සුරවිර මහතාගේ
ප්‍රධානත්වයෙනුයි මෙම දැනුවත් කිරිමේ වැඩසටහන සිදු කළ‌ේ.

අත්පත්‍රිකා බෙදා දෙමින් ජනතාව දැනුවත් කිරිමෙන් අනතුරුව ජනතාව දැනුවත් කරමින් මංජුල සුරවිර මහතා පවසා සිටියේ එම ගිවිසුම පිටු 1083 කින් සමන්විත වන බවත්, එය පාර්ලිමේන්තුවේ විවාදයකට නොගෙන ක්‍රියාත්මක කිරිමට යැම නිසා භාණ්ඩ හා සේවා 7000 ක පමණ බදු නිදහස් කිරිම තුලින් රටට බරපතල ආර්ථික හානි රැසක් සිදු වන බවයි.

Read more

Local News