ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට පැවැත්වෙන ජ්‍යෙෂ්ඨ ජාත්‍යන්තර වොලිබෝල් තරඟාවලිය සැප්තැම්බර් 15 දා

Share

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට සංවිධානය කරන ජ්‍යෙෂ්ඨ ජාත්‍යන්තර වොලිබෝල් තරඟාවලිය සැප්තැම්බර් 15 දින කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන බව ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සභාපති, විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (13) පැවැති මාධ්‍ය දනුවත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසී ය.

ජාත්‍යන්තර මට්ටමේ කණ්ඩායම් නියෝජනය කරමින් රටවල් 8ක් මෙම තරඟාවලියට එක්වෙයි. ඉරාකය, මොංගෝලියව, සවුදි අරාබිය, හොංකොං, බංගලාදේශය, මැලේසියාව, එක්සත් අරාබි එමිර් රාජ්‍ය නියෝජනය වන රටවල් වෙයි. මෙම තරඟාවලියේ සත්කාරක රට ලෙස ශ්‍රී ලංකාව කටයුතු කරයි.

ලෝක ශ්‍රේණිගත කිරීම්වල රටවල් 224කින් 78 වන ස්ථානයත් ආසියානු ශ්‍රේණිගත කිරීම් වලින් 14 වැනි ස්ථානයත් ශ්‍රී ලංකාව සිටින අතර මෙම තරඟාවලියෙන් අනතුරුව එම මට්ටම ඉහළ නංවා ගැනීමට බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා පැවසී ය.

Read more

Local News