තේ දළු නෙලමින් සිටි වතු කම්කරු කාන්තාවන් පිරිසකට බඹර ප්‍රහාරයක්

Share

තේ දළු නෙලමින් සිටි වතු කම්කරු කාන්තාවන් පිරිසකට බඹර ප්‍රහාරයක් එල්ල වි ඇති බව බගවන්තලාව පොලිසිය පවසයි.

බගවන්තලාව පොලිස් වසමට අයත් චැපැල්ටන් වතු යායේ තේ දළු නෙලමින් සිටි වතු කම්කරු කාන්තාවන් අට දෙනෙකුට අද (14) උදැසන 9 ට පමණ මෙම බඹර ප්‍රහාරය එල්ල වි ඇති බවයි බගවන්තලාව පොලිසිය කියා සිටියේ.

බඹර ප්‍රහාරයෙන් තුවාල ලැබු වතු කම්කරු කාන්තාවන් අට දෙනෙකු බගවන්තලාව ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත්
කිරිමෙන් පසු ඉන් පස් දෙනෙකු බාහිර රෝගි අංශයේ ප්‍රතිකාර ලබා ගිය බවත්, බඹර ප්‍රහාරයෙන් තුවාල ලැබු වතු කම්කරු කාන්තාවන් තිදෙනෙක් නේවාසිකව ප්‍රතිකාර ලබන බවයි බගවන්තලාව ප්‍රාදේහිය රෝහලේ වෛද්‍යවරයෙකු කියා සිටියේ.

තේ පදුරක් මත බැද තිබු බඹර කුඩුවක් ඇවිස්සිමෙන් වතු කම්කරුවන්ට මෙම බඹර ප්‍රහරය එල්ල වි ඇත.

Read more

Local News