බඹර ප්‍රහාරයක් එල්ල විම නිසා පාසල් සිසුන් 25 දෙනෙකු පමණ තුවාල ලබා රෝහලට

Share

හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන මස්කෙලිය සමන්එලිය මහ විද්‍යාලයේ සිසුන් පිරිසකට බඹර
ප්‍රහාරයක් එල්ල විම හේතුවෙන් තුවාල ලැබු පාසල් සිසු සිසුවියන් 25 දෙනෙකු පමණ මස්කෙලිය ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කල බව මස්කෙලිය පොලිසිය පවසයි.

අද (14) දහවල් 12 ට පමණ පාසලේ විවේක කාලයේදි ක්‍රිඩා පිටියේදි සෙල්ලම් කරමින් සිටි සිසු සිසුවියන් පිරිසකටයි මෙම ප්‍රහාරය එල්ල වි ඇත්තේ.

මෙම ප්‍රහාරයෙන් පහ වසරේ සිසු සිසුවියන් පිරිසක් තුවාල ලබා ඇති බවයි එම විදුහලේ ගුරුවරයෙකු කියා සිටියේ.

බඹර ප්‍රහාරය සම්බන්ධව මස්කෙලිය පොලිසිය පරික්ෂණ පවත්වයි.

Read more

Local News