ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරඟය – ශ්‍රී ලංකා කණ්ඩායමට දරුණු පරාජයක්

Share

ආසියානු කුසලාන තරඟාවලිය ඊයේ (15) ඩුබායි හිදී ආරම්භ විය. ඒ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතරයි.

අසියානු කුසලාන එක්දින තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරඟයෙන් බංග්ලාදේශය හමුවේ ශ්‍රී ලංකාවට ලකුණු 127ක දරුණු පරාජයක් හිමිවිය.

තරඟයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 261ක් රැස්කිරීමට සමත්විය. අසිරු තත්ත්වයක සිටි බංග්ලාදෙශ කණ්ඩායම වගකීම මැනවින් වටහාගත් මුෂ්ෆිකාර් රහීම් පන්දු 150කදී ලකුණු 144ක් රැස්කිරීමට සමත්විය.

කලකට පසුව නැවතත් ශ්‍රී ලංකා කණ්ඩායම හා එක්වූ ලසිත් මාලිංග පන්දුවෙන් දක්ෂතා දක්වමින් සිය පන්දුවාර 10 තුළදී ලකුණු 23ට කඩුලු 4ක් දවා ගැනිමට සමත්විය.

ලකුණු 262ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට සියලු දෙනා දැවී රැස්කළ හැකි වූයේ ලකුණු 124ක් පමණි. ඒ පන්දු වාර 35 යි පන්දු දෙකකදී ය.

ඉනිමේ ඉහළම ලකුණු ලාභියා වූ ඩිල්රුවන් පෙරේරා ලකුණු 29ක් රැස්කළේය.

Read more

Local News