හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ රිය අනතුරකින් දෙදෙනෙකු ජිවිතක්ෂයට

Share

හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ හැටන් මල්ලිඅප්පුව ප්‍රදේශයේ ඊයේ (16) පස්වරු 5.20 පමණ සිදු වු රිය අනතුරෙන් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත් වි තවත් එක් අයෙකු බරපතල ලෙස කුවාල ලබා දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කර ඇත.

පසුව තුවාල කරු වැඩිදුර ප්‍රතිකාර සදහා මහනුවර ශික්ෂණ රෝහල වෙත මාරු කර යැවු බව හැටන් පොලිසිය පැවසිය.

තලවකැලේ සිට හැටන් දක්වා ධාවනය වු පෞද්ගලික බස් රථයක් හා මස්කෙලියේ සිට තලවකැලේ දක්වා ධාවනය වු ත්‍රිරෝද රථයකුයි මුහුණට මුහුණලා ගැටි අනතුර සිදු වි ඇත්තේ.

එම අනතුරෙන් ත්‍රිරෝද රථයේ ගමන් ගත් රියදුරා එම ස්ථානයේදිම ජිවිතක්ෂයට පත් වි ඇති අතර, ත්‍රිරෝද රථයේ ගමන් ගත් තවත් එක් අයෙක් දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කර ප්‍රතිකාර ලබමින් සිටියදි ඊයේ රාත්‍රි මිය ගොස් ඇත.

මෙසේ මිය ගොස් ඇත්තේ මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචි කන්දසාමි අමිලසේකර් නැමති 41 හැවිරිදි අයෙකු සහ තලවකැලේ ඩයගම ප්‍රදේශයේ පදිංචි තංගමුත්තු මොහන් සිවා (රියදුරු) යන අයයි.

පෞද්ගලික බස් රථයේ රියදුරාව සැකපිට හැටන් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

ඔහු අද (17) හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව හැටන් පොලිසියේ නිලධාරියෙකු පැවසිය.

Read more

Local News