බදුල්ල ප්‍රදේශයේදී කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ සිසුන් රැගත් බස් රථයක් අනතුරට ලක්වීමෙන් සිසුන් තිදෙනෙකු මියයෑමේ සිද්ධිය මුල්කර ගනිමින්, මියගිය සිසුවෙකුගේ පියෙකු වන ප්‍රසාද් නුවන් වහලවත්ත විසින් ගොනුකළ මූලික මිනිස් අයිතිවාසිකම් පෙත්සම ලබන සැප්තැම්බර් මස 11 වනදා කරුණු තහවුරු කිරීම සඳහා කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබෙනවා. අර්ජුන ඔබේසේකර, ආචාර්ය සෝභිත රාජකරුණා සහ මේනකා විජේසුන්දර යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ සලකා බැලුණු මෙම පෙත්සම මඟින් පෙන්වා දෙන්නේ, 1992 වසරේ නිෂ්පාදිත සහ නිසි නඩත්තුවකින් තොරව ධාවනය කළ බස් රථයේ තිබූ තිරිංග ඇතුළු තාක්ෂණික දෝෂ හේතුවෙන් මෙම අනතුර සිදුවී ඇති බැවින්, වගඋත්තරකරුවන්ගේ නොසැලකිලිමත්භාවය හේතුවෙන් තම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබා දී වන්දි මුදලක් අයකර දෙන ලෙසයි. මේ අතර, මෙහි වගඋත්තරකරුවකු වන බස් රථයේ රියැදුරු කළුතරගේ ප්‍රියන්ත කුමාරට තම විරෝධතා ඇත්නම් එදිනට පෙර ගොනුකරන ලෙසද අධිකරණය නියෝග කර තිබෙන බවයි වාර්තා වනවා.
Share
Read more



