මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් යන අයට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර තිබෙන නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා අගෝස්තු මස 31 වන දා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කර තිබෙනවා. මෙම නඩුව අද(16) කැඳවීමෙන් අනතුරුව විනිසුරුවරයා විසිනුයි මෙම නියෝගය නිකුත් කර ඇත්තේ.



