රත්නපුර සමන් දේවාලය ප්‍රතිසංස්කරණයෙන් පසු සැප්තැම්බර් 20 දා ජනතා අයිතියට

Share

රත්නපුර සමන් දේවාලය ප්‍රතිසංස්කරණයෙන් පසු එළැඹෙන සැප්තැම්බර් 20 දින ජනතා අයිතියට පත් කිරීමට නියමිතය.

රජයේ මැදිහත් විමෙන් රත්නපුර සමන් දේවාලයේ ප්‍රතිසංස්කරණය කොට නැවත ජනතා අයිතියට පත් කිරිමේ මංගල්‍යය සැප්තැම්බර් මස 20 වැනි දින පැවත්විමට සියලු කටයුතු සුදානම් කොට ඇතැයි විද්‍යා තාක්ෂණ පර්යේෂණ නිපුණතා සංවර්ධන හා වෘත්තිය පුහුණු හා කන්ද උඩරට පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා අද (17) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දි පැවැති මාධ්‍ය හමුවක දි පැවසිය.

එහිදි වැඩිදුර අදහස් දැක්වු නියෝජ්‍ය ඇමතිවරයා කියා සිටියේ, “ලංකාවේ තිබෙන දේවාල අතුරින් ඉතා පෞරාණික දේවාලයක් ලෙසින් රත්නපුර මහ සමන් දේවාලය හැඳින්විය හැකි බවයි. ලංකාවේ දේවාල ඇදහිල්ල, සමන්දේවාල වන්දනාව ලිඛිත ලෙසින් ආරම්භ වෙන්නේ මහා වංශයේ වන අතර පෘතුගිසි යුගයේ දි සමන් දේවාලය විනාශ විය. ඉන් අනතුරුව 6 වන පරාක්‍රමබාහු රජතුමා නැවත දේවාලය ගොඩනැගීය.

මේ වන තෙක් මෙම දේවාලයේ ගොඩ නැඟුවේ, දඔදෙණිය හා මහනුවර යුගවල රජවරුන්. පුරා වසර 400කට ආසන්න කාලයත් පැවැති මෙම දේවාලයේ පැරණි වහල දිරාපත් වී උළු කැට කැඩිලා තිබුණේ. මහානගර හා බස්නාහිර සංවර්ධන ඇමති පාඨලී සම්පික රණවක මහතා මේ සඳහා රුපියල් මිලියන 80ක් වැය කොට දේවාලය ප්‍රතිසංස්කරණය කිරිමට කටයුතු කළා.

” දිරා පත් වෙමින් තිබු රත්නපුර මහා සමන් දේවාලය නැවත ප්‍රතිස්ංස්කරණ කිරිමට දායක වු වත්මන් රජයේ ජනාධිපති, අගමැති හා මහානගර හා බස්නාහිර සංවර්ධන ඇමති පාඨලි චම්පික රණවක මහතා ඇතුළු සියලු දෙනාටම තමා ස්තුතිවන්ත වන බව මෙහිදී අඳහස් දැක් වූ  සබරගමු මහ සමන් දේවාලයේ බස්නායක නිලමේ මිගාර ජයසුන්දර මහතා කියා සිටියේ ය.

සැප්තැම්බර් 20 වන දින මහා පෙරහැර ආරම්භවිමට නියමිත වන බවත් එමෙන් සැප්තැම්බර් මස 25 වන දින අවසන් රන්දෝළි පෙරහැරත්, සැප්තැම්බර් 26 වන දින උදේ කළු ගඟ අභියස දිය කැපිමේ මංගල්‍යයෙන් හා එදින දහවල් පෙරහරින් රත්නපුර මහ සමන් දේවාලයේ ඇසළ පෙරහැර නිමාවන බවත් ප්‍රකාශ කළේ ය.

Read more

Local News