පරිගණක ගත කළ ඖෂධ දත්ත පද්ධතිය පළාත් සභා රෝහල් සදහා ව්‍යාප්ත කිරීමේ වැඩපිළිවෙලක්

Share

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක කළ පරිගණක ගත කළ ඖෂධ දත්ත පද්ධතිය පළාත් සභා රෝහල් සදහා ව්‍යාප්ත කිරීමේ වැඩපිළිවෙල ඊයේ (17) ආරම්භ විය.
සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ පැවැති පළාත් සෞඛ්‍ය අමාත්‍ය සමුළුවේදී මෙම වැඩපිළිවෙල ආරම්භ කළේ ය.
සෞඛ්‍ය සේවාව සදහා අවශ්‍ය 20,000 කට අධික ඖෂධ සහ වෛද්‍ය උපකරණ සැපයුම් ජාලය විධිමත් කිරිම සදහා නව මෘදුකාංගයක් හදුන්වා දෙමින් ඖෂධ හිගයකින් තොරව සැපයීම සදහා මධ්‍යම රජයේ රෝහල්වලට පළමුව මෙම ඖෂධ දත්ත පද්ධතිය හදුන්වා දෙන ලදි.

එහිදී මධ්‍යම රජය යටතේ පවතින රෝහල් 50 ක සහ ප්‍රාදේශීය වෛද්‍ය සැපයුම් ගබඩා 26 ක දත්ත පද්ධතිය ක්‍රියාත්මක කරමින් ඖෂධ හිඟයකින් තොරව සපයන ලදි. මෙම වැඩපිළිවෙල පළාත් සභා රෝහල්වලට ව්‍යාප්ත කිරීම යටතේ රෝහල් 400 කට, ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල 338 කට සහ මධ්‍යම බෙහෙත් ශාලා 600 කට මෙම පරිගණක දත්ත පද්ධතිය ක්‍රියාත්මක කිරීමට නියමිතය. මෙමගින් ඕනෑම රෝහලක ඖෂධ හිඟයක් ඇතිවුවහොත් ලඟම පිහිටි රෝහලෙන් එය ලබාගැනීමේ අවස්ථාව රෝහල් අධ්‍යක්ෂවරයාට හිමිවෙයි.

Read more

Local News