රන්ජන් ළමාහේවා සහ නියොමාල් යළි රක්ෂිත බන්ධනාගාර ගත ක‌ෙ‌‌රේ

Share

බන්ධනාගාර කොමසාරිස්වරයෙකු වන එමිල් රන්ජන් ළමාහේවා සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් පරීක්ෂක නියොමාල් රංගජීව යන සැකකරුවන් තවදුරටත් ලබන 02 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.‍

එම නඩුව අද (18) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා ඉදිරියේ කැඳවනු ලැබුවේය.

2012 වසරේ වැලිකඩ බන්ධනාගාරය තුළදී සිරකරුවන් 27 දෙනෙකු මරා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් රහස් පොලිසිය අධිකරණයට දන්වා සිටියේ මෙම සිද්ධියට අදාළව තවදුරටත් පරීක්ෂණ සිදුකරන බවයි.

Read more

Local News