ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ 154 වන ජන්ම සංවාත්සරික ජාතික මහෝත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

Share

ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ 154 වන ජන්ම සංවත්සරික ජාතික මහෝත්සවය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (17) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලවේ දී පැවැත්විණි.
දැහැමි සමාජයක් ගොඩනැගීම වෙනුවෙන් අනගාරික ධර්මපාලතුමාගේ ආදර්ශය සමාජගත කිරීමේ අරමුණින් ජනාධිපති ලේකම් කාර්යාලය හා බුද්ධ ශාසන අමාත්‍යාංශය එක්ව මෙම උත්සවය සංවිධානය කර තිබුණි.
මෙරට නිදහස, බෞද්ධ අධ්‍යයනය, බෞද්ධ පාසල් හා දහම් පාසල් අධ්‍යාපනය ආරම්භ කිරීමේ පුරෝගාමියා වූ ධර්මපාලතුමාගේ ජාතික මෙහෙවර පිළිබදව වර්තමාන දරුවන් දැනුවත් කිරීමේ අභිලාෂයෙන් මෙම උලෙළ සදහා පාසල් සිසුන් විශාල පිරිසක් සහභාගී කරවා ගැනීමට කටයුතු කර තිබීම ද විශේෂත්වයකි.
ජනාධිපතිතුමා විසින් අනගාරික ධර්මපාලතුමාගේ පිළිරුවට මල්දමක් පළදවා පූජෝපහාර දැක්වීමෙන් අනතුරුව උත්සව සභාවේ කටයුතු ආරම්භ කෙරිණි.

Read more

Local News