න්‍යෂ්ටික බලය සාමකාමීව භාවිත කිරීම, සියලු මානවයන්ගේ යහපැවැත්ම හා සම්බන්ධ වන බැවින් සියලු පාර්ශ්වයන් බහුපාර්ශ්වවාදය ආරක්ෂා කර එකමුතුකම හා සහයෝගීතාවය තහවුරු කළ යුතු බව චීනය පවසයි. චීන ජාතික පරමාණුක බලශක්ති අධිකාරියේ සභාපති Shan Zhongde මහතා මේ බව ප්‍රකාශ කළේ ඔස්ට්‍රියාවේ වියනා නුවරදී ආරම්භ වූ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ 70 වන මහා සමුළුවේ සාමාන්‍ය විවාදය අතරතුරය.
අනාගතයේදී චීනය ප්‍රධාන ක්ෂේත්‍ර හතරක් වෙත අවධානය යොමු කරමින් කටයුතු කරනු ඇතැයි හෙතෙම පැවසීය. න්‍යෂ්ටික බලශක්ති සහයෝගීතාවයේ නව අවස්ථා පුළුල් කිරීම සඳහා සංවර්ධනය සහ ආරක්ෂාව සමතුලිත කිරීම; ගෝලීය න්‍යෂ්ටික ආරක්ෂක මූලිකාංග ස්ථිර ලෙස සහතික කිරීම වෙනුවෙන් ආරක්ෂිත සංවර්ධනයේ මූලික අවශ්‍යතාව තහවුරු කිරීම; ජනතා කේන්ද්‍රීය ප්රතිලාභ වැඩි කිරීම සඳහා න්‍යෂ්ටික තාක්ෂණය ප්‍රවර්ධනය කිරීම; මෙන්ම ගෝලීය පාලන පද්ධතිය වැඩිදියුණු කිරීම සඳහා චීන ජනාධිපතිවරයා ඉදිරිපත් කළ ගෝලීය මුලපිරුම් හතර ක්‍රියාත්මක කිරීම යන කරුණු ඊට ඇතුළත්ය.
මෙවර සමුළුව අතරතුර, “අනාගතය සඳහා න්‍යෂ්ටික නවෝත්පාදනය” යන තේමා ප්‍රදර්ශනයක් හා සාකච්ඡා රැසක් ද චීන ජාතික පරමාණුක බලශක්ති අධිකාරිය විසින් සංවිධානය කෙරේ. එම සමුළුව එළඹෙන 18 වැනිදා අවසන් වීමට නියමිතය.
Share
Read more



