වැවිලි කලාපය සඳහා වූ නව ගම්මාන සංවර්ධන අධිකාරිය පිහිටුවීමට අදාළ පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවේ විවාදයට

Share

වැවිලි ප්‍රජාවගේ ජීවන තත්වය උසස් කිරීම සඳහා වූ “වැවිලි කලාපය සඳහා වූ නව ගම්මාන සංවර්ධන අධිකාරිය” පිහිටුවීමට අදාළ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතය.

වසර 200කට ආසන්න කාලයක් මෙරට තේ, පොල්, රබර් වතු ආශ්‍රිතව ඉතා දුක්ඛිත දිවි පෙවතක් ගතකරන වැවිලි ප්‍රජාවගේ ජීවන තත්වය ඉහළ නැංවීම සඳහා කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය පලනි තිගාම්බරම් මහතාගේ මඟපෙන්වීම මත නව අධිකාරියක් පිහිටුවීමට අදාළ කටයුතු මේ වන විට සිදුකරමින් පවතී.

ලක්ෂ 15 කට අධික වැවිලි ප්‍රජාවක් මෙරට ජීවත් වුවද, ඔවුන් ඉලක්ක කරගනිමින් සංවර්ධන කටයුතු සිදු කිරීම කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍යංශය පැවැතියද ඊට අයත් වෙනත් දෙපාර්තුමේන්තුවක්, අධිකාරියක් හෝ සංස්ථාවක් වැනි ආයතනයක් මේ වන තෙක් ස්ථාපිත වී නොමැත.

මේ හේතුවෙන් කඳුරට වැවිලි ප්‍රජාව මුහුණ දෙන දෛනික ගැටලුවලට විසදුම් සෙවීම අපහසු වී ඇත.

මෙම ගැටලුව මැනවින් වටහාගත් අමාත්‍ය පලනි තිගාම්බරම් මහතා තම ප්‍රජාවගේ ජීවන තත්වය ඉහළ නැංවීම සඳහා වූ වෙනම අධිකාරියක් පිහිටුවීමට අවශ්‍ය පියවර ගනු ලැබීය.

නව ගම්මාන සංවර්ධන අධිකාරියක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව අරමුණු, ක්‍රියාකාරීත්වය හා අනාගත අභියෝග සම්බන්ධව දැනුවත් වීම ඉතා වැදගත් වේ.

Read more

Local News