අලි-මිනිස් ගැටුමට විසඳුමක් ල‌ෙස ගෝමරන්කඩවල අලි වැට විවෘත කිරීම හෙට

Share

සිරිසර පිවිසුම වැඩසටහන යටතේ ප‍්‍රතිසංස්කරණය කෙරුණු ගෝමරන්කඩවල බක්මීගම වැව ජනතා අයිතියට පවරාදීම සහ දීර්ඝ කාලයක් පුරා පවතින අලි – මිනිස් ගැටුමට විසඳුම් ලබාදෙමින් ගෝමරන්කඩවල ප‍්‍රදේශයේ නියමු ව්‍යාපෘතියක් ලෙස ඉදි කෙරුණු කි.මි 30 ක් වූ අලි වැට විවෘත කිරීම හෙට (20) ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් සිදු කෙරේ.

ති‍්‍රකුණාමල දිස්ති‍්‍රක්කයේ තිරසර සංවර්ධනයක් ඇතිකිරීම උදෙසා ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ උපදෙස් මත සිරිසර පිවිසුම දිස්ති‍්‍රක් සංවර්ධන වැඩසටහන කි‍්‍රයාත්මකය. වැව් ප‍්‍රතිසංස්කරණයට අමතරව පාසල් ගොඩනැගිලි සංවර්ධනය, අලි-මිනිස් ගැටුම අවම කිරීම සඳහා වැඩසටහන්, ග‍්‍රාමීය මාර්ග වැඩිදියුණු කිරීම, පානීය ජල පහසුකම් වැඩිදියුණු කිරීම ඇතුළු යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් ද ඒ යටතේ විවිධ වැඩසටහන් කි‍්‍රයාත්මකය.

ජනාධිපති කාර්යාලයේ ප‍්‍රමුඛ ව්‍යාපෘතියක් ලෙස කි‍්‍රයාත්මක වන සිරිසර පිවිසුම සංවර්ධන වැඩසටහන සඳහා ශ‍්‍රම දායකත්වය ශ‍්‍රී ලංකා යුද හමුදාව විසින් ලබාදෙයි.

Read more

Local News