බිම් බ‌ෝම්බ ඉවත් කිරිමේ කටයුතු කඩිනම් කිරීම – කැබිනට් තීරණ

Share

ගැටුම් පැවැති ප්‍රද‌ේශවල බිම් බ‌ෝම්බ ඉවත් කිරිමේ ජාතික වැඩසටහන 2002 වර්ෂය‌ේ දී ආරම්භ කරන ලද අතර, ඒ යටත‌ේ ‌මේ වන විට වර්ග කිල‌ෝමීටර් 137ක භූමි ප්‍රමාණයක් නිෂ්කාශනය කර නැවත පදිංචි කිරිමේ කටයුතු සඳහා නිදහස් කර තිබේ.

උතුරු, නැග‌ෙනහිර හා උතුරු මැද පළාත්වල තවත් වර්ග කිල‌ෝමීටර 28ක් පමණ ප්‍රමාණයක එම වැඩසටහන ක්‍රියාත්මක කිරිම මඟින් බිම් බ‌ෝම්බ ඉවත් කිරිමේ කටයුතු 2020 වර්ෂය වන විට අවසන් කිරිමට සැලසුම් කරනු ලැබ ඇත. එම කටයුතුවල නිරතවන ශ්‍රී ලංකා යුධ හමුදාවේ බිම් බ‌ෝම්බ ඉවත් කිරිමේ අංශයට අවශ්‍ය පහසුකම් සලසා ගැනීම පිණිස නැවත පදිංචි කිරීම, පුනරුත්ථාපන, උතුරු සංවර්ධන සහ හින්දු ආගමික කටයුතු අමාත්‍ය ඩී.එම්. ස්වාමිනාදන් ඉදිරිපත් කළ ය‌ෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

 

Read more

Local News