නාරා ආයතනයේ පුස්තකාලය ඩිජිටල්කරණය කර අන්තර්ජාලයට

Share

ශ්‍රි ලංකාවේ පර්යේෂණ ක්ෂේත්‍රයට සේවයක් වශයෙන් සැළකෙන නාරා ආයතනයේ පුස්තකාලය ඩිජිටල්කරණය කර අන්තර්ජාලයට එක් කිරීම පසුගිය දා සිදු විය.

ජාතික ජලජ සමිපත් පර්යේෂණ සහ සංවර්ධන නියෝජිතායතනය, නාරා ආයතනය යනු ධීවර හා ජලජ සමිපත් ක්ෂේත්‍රයේ පර්යේෂණයන් සිදුකරන පූමුඛ ආයතනයයයි.

ජලජ සමිපත් ක්ෂේත්‍රයේ පර්යේෂණයන්හි නියැලෙන පර්යේෂකයන්හට අවශ්‍ය පහසුකමි සලසන මෙම පුස්තකාලය විශේෂ පුස්තකාලක් වශයෙන් විෂය සම්බන්ධ විශේෂඥයන්හට පර්යේෂණයන්හි නියැලීමට අවශ්‍ය පහසුකම් ලබාදීම සදහා විවිධ තොරතුරු ප්‍රභවයන්ගෙන් පුචාරය වන විද්‍යා සහ පර්යේෂණ දැණුම ලබා ගැනීමට සැලැස්වීම පුධාන අරමුණකි.

ශ්‍රීලංකා විවෘත විශ්ව විද්‍යාලය සහ නාරා ආයතනයේ පුස්තකාලය හා තොරතුරු අංශය එක්ව මෙම ඩිජිටල් කරන කටයුත්ත සදහා දායක විය. මෙමගින් ඉතාමත් වටිනා ග්‍රන්ථ, පර්යේෂණ වාර්තා, ලිපි ලේඛන ආදියේ තොරතුරු පිළිබදව ෂණිකව තොරතුරු ලබාගැනීමට පාඨකයන් හට හැකියාව ලැබීම විශේෂත්වයකි .

Read more

Local News