එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා – තුරුණු දිරිය වැඩසටහනට නැගෙනහිර පළාතෙන් තරුණ ව්‍යවසායකයින් 327 දෙනෙක්

Share

නැගෙනහිර පළාතේ “තුරුණු දිරිය” ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීමට අදාළ ප්‍රගති සමාලෝචන රැස්වීමේ දී මේ බව අනාවරණය විය. මෙම ප්‍රගති සමාලෝචන රැස්වීම පසුගිය සැප්තැම්බර් මස 14 වෙනි දිනත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි. මේ වන විට නැගෙනහිර පළාතේ තරුණ ව්‍යවසායකයින් 7 දෙනෙක් සඳහා “තුරුණු දිරිය” ණය ලබා දී ඇති අතර, තවත් ව්‍යවසායකයින් 104 දෙනෙක් සඳහා ණය ලබා ගැනීමට අවශ්‍ය ව්‍යාපාර සැලසුම් කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය විසින් සකසා ලංකා බැංකුව වෙත භාර දී ඇත. මීට අමතරව, “තුරුණු දිරිය” ණය යෝජනා ක්‍රමය පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන් 95 ක් මේ දක්වා නැගෙනහිර පළාත තුළ ක්‍රියාත්මක කර ඇත.

Read more

Local News