Tuesday, March 19, 2024.

ඥාණසාර හිමියන්ගේ අභියාචනා ඉල්ලීම සලකා බැලීම ලබන 28වනදා

Share

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වසර හයක සිර දඬුවමි ලබා සිටින බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් එම දඬුවමට එරෙහිව ඉදිරිපත්කර ඇති අභියාචනා ඉල්ලීම සලකා බැලීම ලබන 28 වනදා සිදුකරන බව ශ්‍රේෂ්ඨාධිකරණය අද නියම කළේය.

එම අයදුම්පත ප්‍රසන්න ජයවර්ධන, විජිත් මළල්ගොඩ සහ එල්.ටී.බී දෙහිදෙණිය යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුමඬුල්ල හමුවේ අද කැඳවනු ලැබුණි.

එහිදී විනිසුරුවරු නියම කළේ අදාළ අභියාචනා ඉල්ලීම ලබන 28 වනදා කරුණු තහවුරු කිරීම සඳහා කැඳවන බවයි.

Read more

Local News