Tuesday, March 19, 2024.

ධීවර යාත්‍රාවක් නැවක හැපීමෙන් මියගිය ධීවරයන්ට වන්දි

Share

ධීවර යාත්‍රාවක් නැවක හැපීමෙන් මියගිය ධීවරයන් හතර දෙනා අතුරින් තිදෙනකු සඳහා රුපියල් ලක්ෂයක බැගින් රුපියල් ලක්ෂ තුනක මුදලක් ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ සහභාගීත්වයෙන් ප්‍රදානය කෙරිණි.

පසුගිය 11 දා බේරුවල ධීවර වරායෙන් මුහුදු ගිය මෙම යාත්‍රාවේ ධීවරයන් හත් දෙනකු ගමන්කර ඇති අතර ඉන් සිව් දෙනකුගේ සිරුරු නාවික හමුදාව විසින් සොයාගෙන තිබිණි. අනිත් ධීවරයන් තිදෙනා අතුරුදන්ව සිටිති.

මුදල් චෙක්පත් ප්‍රදානය කරන අවස්ථාවේ ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබෙවර්ධන මහතා කියා සිටියේ අතුරුදන් වූ ධීවරයන් ස්වදේශ කටයුතු අමාත්‍යාංශය හරහා නොදුටු සහතිකය කඩිනමින් ලබාදීමට කටයුතු කරන බවයි.

එම ධීවරයන් සඳහා වන්දි මුදල් ලබාදීම සහ විනාශ වූ ධීවර යාත්‍රාව වෙනුවෙන් වන්දි ලබාදීම කඩිනම් කිරීමට ද කටයුතු කරන බව අමාත්‍යවරයා සඳහන් කළේය.

Read more

Local News