Tuesday, March 19, 2024.

පළාත් කිහිපයක තරමක තද සුළං

Share

මධ්‍යම, වයඹ, උතුරු මැද සහ දකුණු පළාත්වලත් බදුල්ල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 50 දක්වා තරමක තද සුළං ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා ද‌ෙපාර්තමේන්තුව අද (20) නිකුත් කළ නිවේදනයේ දැක්ව‌ෙයි.

මධ්‍යම සහ සබරගමුව පළාත්වල විටින් විට වැසි ඇති වන අතර බස්නාහිර, වයඹ සහ දකුණු පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවේ.

උතුරු පළාතේ සහ අම්පාර, මඩකලපුව දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

මධ්‍යම සහ සබරගමුව පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 50ක පමණ තරමක තද වැසිද ඇති විය හැක.

Read more

Local News