Tuesday, March 19, 2024.

දේශීය බඩඉරිඟු ගොවියා ආරක්ෂා කිරීම සඳහා වැඩපිළිවෙලක්

Share

දේශීය බඩඉරිඟු ගොවියා ආරක්ෂා කිරීම සඳහා ගත හැකි සියලුම ක්‍රියාමාර්ග රජය වශයෙන් ගැනීමට සූදානම් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

වාර්ෂිකව මෙරටට ආනයනය කරනු ලබන බඩඉරිඟු නිසා දේශීය ගොවියා අකර්මන්‍ය වීම වැළැක්වීම සඳහා විශේෂ සාකච්ඡාවක් අද(20) දින කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී පැවැත්විණි.

ඇතැම් ව්‍යාපාරිකයින් විසින් දේශීය ගොවියා අස්වැන්න නෙලා ගන්නා අවස්ථාවේදී විදේශ රටවලින් බඩඉරිඟු මෙරටට ආනයනය කරන නිසා තම නිෂ්පාදන අලෙවි කරගත නොහැකිව අපේ රටේ ගොවීන් බඩඉරිඟු  වගාවෙන් ඉවත්වීම සිදු වෙයි.

මෙම තත්ත්වය වළක්වාලීම සඳහා බඩඉරිඟු නිෂ්පාදන මිලදී ගන්නා ආයතන,වාණිජ බැංකු, ආහාර සත්ව නිෂ්පාදන දෙපාර්තමේන්තුව, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලය ඇතුළු ආයතනවල නිලධාරින් සමඟ අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළේය.

රජයේ ප්‍රතිපත්තිය දේශීය ගොවියා ශක්තිමත් කිරීම හා ආරක්ෂා කිරීම වන බැවින් බඩඉරිඟු වගාව සඳහා ගොවීන්ට බඩඉරිඟු වගාවට ණය ලබා දීමට කටයුතු කරන ලෙස රාජ්‍ය බැංකුවලින් ඉල්ලීමක් කළ බවද අමාත්‍යවරයා පවසා සිටියි.

Read more

Local News