තොරතුරු සතිය අද සිට

Share

සැප්තැම්බර් 28 දිනට යෙදෙන ජාත්‍යන්තර තොරතුරු දැනගැනීමේ දිනයට සමගාමීව ”තොරතුරු සතිය” ප්‍රකාශයට පත් කර ඇති අතර අද(21) සිට තොරතුරු සතිය නිල වශයෙන් ක්‍රියාත්මක වන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (සංවර්ධන හා සැලසුම්) තිලකා ජයසුන්දර මහත්මිය ප්‍රකාශ කළේය. අැය මේ බව පැවසුයේ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේදි පැවැත්වු මාධ්‍ය හමුවකට සහභාගිවෙමිනි.

මේ මස සැප්තැම්බර්21 සිට 28 දක්වා තොරුතුරු සතියක් ප්‍රකාශයට පත් කර ඇති බවත්, අද දින උදෑසන 11.00 ට කොළඔ ජාතික රෝහල අසළ හා ප.ව 4.00 ට කොටුව දුම්රිය ස්ථානය අසළ වීදි නාට්‍ය ප්‍රදර්ශනය කරමින් ජනතාව දැනුම්වත් කරන බවත් අැය වැඩි දුරටත් පැවසීය.

Read more

Local News