ඇෆ්ගනිස්ථාන – බංග්ලාදේශ තරඟයේ ජය ඇෆ්ගනිස්ථානයට

Share

ආසියානු කුසලාන තරගාවලියේ තවත් තරඟයක් ඊයේ (20දා) ඇෆ්ගනිස්ථානය සහ බංග්ලාදේශය අතර පැවැත්විණි.

ඒ අනුව ඇෆ්ගනිස්ථානය ඊයේ බංග්ලාදේශයට එරෙහිව පැවැති තරඟය ජය ගැමට සමත්විය.

මීට පෙර ඔවුන් ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය කරමින් ශ්‍රී ලංකාව තරගාවලියෙන් ඉවත් කිරීමටද සමත්වූයේය.

තරඟයේ මුලින්ම පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්තාන කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළදී කඩුලු 7ක් දැවී ලකුණු 255ක් රැස්කළේය.

පන්දුවාර 40.5කදී කඩුලු 7ට ලකුණු 160ක් ලෙස දිස්වූ ඇෆ්ගනිස්ථාන ලකුණු පුවරුව 255ක් දක්වා රැගෙන යාමට අටවැනි පිතිකරු වූ ගුලාබ්ඩීන් නාබි (42*) හා රශිඩ් ඛාන් (57*) සමත්වූහ. පන්දු 55කදී ඔවුහු ලකුණු 95ක සබඳතාවක් පැවැත්වූහ.

ලකුණු 256ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය බංග්ලාදේශ කණ්ඩායමට පන්දුවාර 42.1කදී සියලු දෙනා දැවී රැස්කර ගත හැකිවූයේ ලකුණු 119ක් පමණි.

Read more

Local News