යුධ හමුදා සෙබලෙකුව ආයුධයකින් ඇන ඝාතනය කරයි

16
අද (21) අළුයම 04.40ට පමණ මීරිගම ප‌ොලිස් වසමේ අඹේපුස්ස යුධ හමුදා කඳවුරේ යුධ හමුදා සෙබලෙකු යම් ආයුධයකින් ඇන ඝාතනය කර ඇති බවට ලද ත‌ොරතුරක් මත මීරිගම පොලිසිය විසින් විමර්ශන ආරම්භ කර ඇත.
වයස අවුරුදු 21ක සෙබලෙක් මෙලෙස මිය ගොස් තිබේ. ඔහු කෑගල්ල, බුලත්කොහුපිටිය ප්‍රදේශයේ පදිංචි අයෙකි.
මියගිය සෙබලා යුධ හමුදා කඳවුර තුළ පිහිටි මුරකුටියක අළුයම 02.00 සිට 04.00 දක්වා කාලය තුළ රාජකාරී යෙදී සිටියදී මෙසේ ඝාතනයට ලක්ව ඇත. ඝාතනය සිදු කළ සැකකරු සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු කිසිවක් අනාවරණය වී නොමැත.
අත්තනගල්ල මහේස්ත්‍රාත්වරයා විසින් මහේස්ත්‍රාත් පරීක්‍ෂනය සිදු කිරීමට නියමිත ය. මීරිගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලැබේ.