අයිස් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

Share

පෑලියගොඩ, මීගහවත්ත, වැලිපාර ප්‍රදේශයේදී අයිස් නමැති මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ, පෑලියගොඩ දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරින් විසින් සිදු කළ වැටලිමකදී අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

සැකකරු 29 හැවිරිදි පෑලියගොඩ ප්‍රදේශයේම පදිංචිකරුවෙකු වන අතර ඔහු සතුව තිබී අයිස් නමැති මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 300ක් සොයාගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු අද (21) අළුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

Read more

Local News