කොටහේනේ වාහන ගමනා ගමනය සීමා ක‌ෙ‌රේ

Share

කොටහේන කේ.සිරිල් පෙරේරා මාවතේ වාසල හංදියේ සිට වෝල්ස් ලේන් පාර හංදිය ප්‍රදේශයේ වාහන ගමනා ගමනය සීමා කර තිබේ.

අද (21) රාත්‍රී 9.00 සිට 24 වන දින උදෑසන 5.00 දක්වා කාලයේ ජලනල එලීමේ ව්‍යාපෘතියක් හේතුවෙන් මෙලෙස වාහන ගමනා ගමනය සීමා වෙනු ඇත.

ඒ සඳහා විකල්ප මාර්ගයක් ලෙස ජෝජ් ආර් ද සිල්වා මාවතෙන් ඇතුළු වන වාහන වාසල පාර හංදියෙන් වමට හරවා පීල්ඩ් පාර ඔස්සේ අළුත් මාවතට පිවිස මෝදර සහ මට්ටකුලිය දෙසට ගමන් කළ හැකි වන අතර, මෝදර සහ මට්ටක්කුලිය දෙස සිට මෙම මාර්ගයට ඇතුළු වන වාහන වෝල්ස් පාර හංදියෙන් දකුණට හරවා එම මාර්ගයෙන් අළුත් මාවතට පිවිස ගමන් කළ හැකියි.

Read more

Local News