ගිරිතලේ වැවේ දිය නෑමට ගිය එකම පවුලේ පියා සහ දියණිය දියේ ගිලි අතුරුදහන්

Share

මින්නේරිය පොලිස් වසමේ ගිරිතලේ වැවේ දිය නෑමට ගිය පිරිසක් අතරින් දිය නාමින් සිටි එකම පවුලේ පියා සහ දියණිය දියේ ගිලි අතුරුදහන් වි තිබේ.

අතුරුදහන්ව සිටිනා පියාගේ වයස අවුරුදු 45ක් වන අතර දියණියගේ වයස අවුරුදු 14කි.

මෙම පිරිස මිනුවන්ගොඩ ප්‍රදේශයේ සිට විනෝද චාරිකාවක් සඳහා මින්නේරිය ප්‍රදේශයට පැමිණ වැවේ දිය නාමින් සිටියදි මෙම අනතුරට ලක් වි අැත.

අතුරුදහන් වු අය සොයා පොලිසිය ප්‍රදේශවාසින්ගේද සහය අැතිව මෙහෙයුමි ක්‍රියාත්මක කර අැත.

සිද්ධිය සමිබන්ධව මින්නේරිය පොලිසිය වැඩිදුරටත් විමර්ශන පවත්වයි.

Read more

Local News